Mekala Gamage-මේඛලා ගමගේ
උපතින්ම තමන්ට අහිමිවුණ ඇස් දෙක අභියෝගයක් විදිහට භාර අරගෙන,ඇස් දෙකම පේන අපිටත් අලුත් පාඩමක් කියල දුන්න අපේ කාලේ වීරවරියක් තමයි මේඛලා ගමගේ කියන්නේ.ඇය ''අහන් ඉන්න...අහගෙන ඉන්න'' ගීතය ගායනා කරමින් සංගීත ලෝකය තුල ස්ථාවර චරිතයක් බවට පත්වුනා.මෙම ගීතය සඳහා නිර්මාණය කර ඇති මියුසික් වීඩියෝව සුවිශේෂිතම නිර්මාණයක්.ආබාධිත පුද්ගලයන් යැයි ඔවුන් හංවඩු නොගසා ඔවුන් සමාජයේ විවිධ හැකියාවන් ඇති පුද්ගලයන් බව හොදින් පෙන්වාදී තිබෙනවා.
ගායිකාවට පවා මෙම වීඩියෝව දැකීමට වරම් නොලැබුණත් ඇය ඇගේ මනසින් අපිට වැඩිය ගැඹුරු ලෝකයක් දකින තැනැත්තියක්.ඇගේ ගීතය නරඹන අපි ''හනේ හපොයි" "පව්නේද එයා" කිය කියා අනුකම්පාවෙන් පමණක් එවන් පුද්ගලයන් දෙස නොබලා ඔවුන්ට ශක්තියක් විය යුතුයි.සැබෑ මිනිස්කම එයයි.
ගීතයේ වීඩියෝව මෙතනින් බලන්න.
ගීතයේ පද රචනාව මෙතනින් බලන්න.
මේඛලා ගමගේ නම් ගායිකාවගේ ජීවිත ගමන් මඟ පිළිබඳව සැකසුණු පුවත් පත් වාර්තාවක්
Saturday, October 22, 2011
Sunday, October 2, 2011
ජීවිතයක් රැක ගැනීමට දායක වෙමු
නො:351/6 ඇඹිල්මීගම,පිළිමතලාව ලිපිනයේ පදිංචි එස්.එන්.විජේරත්න නැමැති පුද්ගලයා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි.එබැවින් ඔහුට නව වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්යය බව මහනුවර මහ රෝහලේ වෛද්යවරු පවසා ඇත.
නමුත් ඒ සඳහා අවශ්යය රුපියල් ලක්ෂ 4.5ක මුදල උපයා ගැනීමට ඔහු අපොහොසත්ව ඇත.
එම නිසා පරිත්යාගශීලී ඔබගේ උපකාරය ඔහු බලා පොරොත්තුවෙන් සිටී.ඔහුගේ ජීවිතය වෙනුවෙන් ඔබට හැකි අයුරින් සහාය වන ලෙස ඉල්ලා සිටිමි.
ගිණුම් අංකය-8109010601
(කොමර්ෂල් බැංකුව-පිළිමතලාව)
ගිණුම් හිමියාගේ නම-සිරි නෝබට් විජේරත්න
විමසීම්-0719008040
ලිපිනය-නො:351/6 ඇඹිල්මීගම,පිළිමතලාව
නමුත් ඒ සඳහා අවශ්යය රුපියල් ලක්ෂ 4.5ක මුදල උපයා ගැනීමට ඔහු අපොහොසත්ව ඇත.
එම නිසා පරිත්යාගශීලී ඔබගේ උපකාරය ඔහු බලා පොරොත්තුවෙන් සිටී.ඔහුගේ ජීවිතය වෙනුවෙන් ඔබට හැකි අයුරින් සහාය වන ලෙස ඉල්ලා සිටිමි.
ගිණුම් අංකය-8109010601
(කොමර්ෂල් බැංකුව-පිළිමතලාව)
ගිණුම් හිමියාගේ නම-සිරි නෝබට් විජේරත්න
විමසීම්-0719008040
ලිපිනය-නො:351/6 ඇඹිල්මීගම,පිළිමතලාව
Subscribe to:
Posts (Atom)

