Friday, January 9, 2015

ජාතිවාදය වපුරන්නන් වෙත ආදරයෙන් ලියමි

මහින්ද රාජපක්ෂවාදීන් මේ වන විට ජාතිවාදය වපුරමින් සිටියි.ඒ සඳහා ඔවුන් ල්ට්ටෙ ඊළාම් සිතියම හා මෙවර ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජය ලබාගත් ඡන්ද සිතියම සංසන්දනය කරමින් සිටිති.මෙහිදී මා පහත කරුණු මතුකර දැක්වීමට කැමැත්තෙමි.

1.2010 වර්ශයේ දී මහින්ද රාජපක්ෂ ජයග්‍රහනය කිරීමෙන් අනතුරුව කිසිවෙකු මේ ආකාරයෙන් සංසන්දනයන් ඉදිරිපත් කළේ නැත.එනම් ඔවුන් සිතා සිටින්නේ දෙමළ සහ මුස්ලිම් ඡන්ද කැප වන්නේ මහින්ද රාජපක්ෂට පමණක් බවයි.

2.30 වසරක කුරිරු යුද්දයෙන් අනතුරුව අප රට තුල සිංහල දෙමළ මුස්ලිම් සහෝදරත්වය වර්ධනය වී ඇති බවට අපි උදම් අනන්නෙමු.එසේ නම් ශ්‍රී ලංකාව තුල ජනාධිපති වරයෙකු පත්කරගන්නා ප්‍රජාතන්ත්‍රවාදී පිලිවෙතේ දී ඔවුන්ගේ ඡන්දය භාවිතය පිළිබඳව ජාතිවාදීන් මෙතරම් කෝප ගැන්වී සිටීමේ අරමුණ කුමක්ද?

3. ආගම,ජාතිය,භාෂාව නිසා ජන කොට්ඨාශයක් පෙළීම නැමැති ගෝත්‍රික සිතිවිලි ඔබේ මනසින් ඉවත් කර ගැනීමට නොහැකිව සෑම විටම අන්තවාදී ලෙස කටයුතු කර ඔබ බලාපොරොත්තුවන්නේ කුමක්ද?

4.අපි සැවොම ශ්‍රීලාංකිකයෝ වෙමු.කිසියම් පුද්ගලයෙක් ජාතිවාදීව කටයුතු කරන්නේ නම් එයට විරුද්ධව ජාති ආගම් බේදයකින් තොරව කටයුත් කිරීමට සැවොම පෙළ ගැසෙමු.






-අර්ජුන ප්‍රේමචන්ද්‍ර-

Monday, May 26, 2014

ඉරාජ් වීරරත්න ගේ ස්වීටි මැණික ගීතය රස විඳිමු

මෑත කාලයේ ලාංකීය සාහිත්‍ය පුනරුදයත් සමඟ ඉතා අලංකාරවත් ගී පද රචනා බිහිවෙමින් පවතී,විසි එක් වසරක කුරිරු යුධ ත්‍රස්තවාදයෙන් රට බේරාගත් මහින්ද රාජපක්ෂ අති ගරු ජනාධිපති තුමාගේ මහින්ද චින්තනය යටතේ නිදහසේ සුවය විඳින ජනතාවක් සිටින රටක සුන්දර සාහිත්‍යක් බිහිවීම අරුමයක් නොවේ. :P
                                         සාහිත්‍ය රසාස්වාදයක් සඳහා අද මා ‍තෝරා ගනු ලැබුවේ ඉරාජ් වීරරත්න ගේ ස්වීටි මැණික ගීතයයි.මෙහි මා දු‍ටු විශේෂත්වය නම් සරළ වාග්මාලවක් තුලින් ගැඹුරු අර්තයක් ගෙන හැර පෑමට පද රචකයා දක්වා ඇති ප්‍රවීන බවයි.
                                                                                     සමස්ත ගීතය දෙසට පුළුල් බැල්මක් හෙලූ කල මෙය තහනම් ආදරයක් වටා ගොඩනැගුණු සිද්ධිදාමයක් බව පෙනී යයි.එය තහවුරු වන්නේ
"මල් මද හාසේ උතුරයි දැසේ
ලෝකෙට රහසේ
ඉදපන් පහසේ" නැමති පද පේළිය විමසා බැලීමෙනි.එය තහනම් ආදරයක් වුවද එමඟින් ඔවුන් උපරිම තෘප්තියක් ලබන බව මෙයින් මොකට පැහැදිලි වෙයි.

"නුඹ නැති දීගේ රස නෑ නෝනේ
තුරුලට පැනපන් මාගේ"
                                      මෙම පැදි පේළියෙන් පැහැදිලිවන්නේ මෙම විවාහක පෙම්වතා සිය බිරිදගේ ආදරයට අනියම් පෙම්වතියගේ ආදරය සමාන කරන අවස්තාවකි.බිරිඳගෙන් ඔහුට නොලැබෙන සුවයක් අනියම් පෙම්වතියගෙන් ලැබෙන බව මෙයින් පැහෑදිලි වේ.

"පපුවම මාගේ ගින්දර වගේ
මන් හරි හැන්සම් නෝනේ"
රාගය නැමති ගින්නෙන් තමා දැවෙන්නේ ස්වකීය රූමත් බව නිසා බව ඔහුගේ හිතේ කෙලවරක දෝංකාර දෙයි.අනියමාර්තයෙන් මෙයින් පැහැදිලිවන්නේ තමා කම් සැප වින්දත් එය තාවකාලික වින්දනයක් බව මෙම පුද්ගලයාට පැහැදිලිවී ඇති බවයි.

"රොමියො ජුලියට් වාගේ අපි දෙන්නා
මයෙ කළු කෙල්ලේ අදරේ දල්ලේ
උඹ මාගේ පණමයි හිතුනා"වර්තමානයේ බොහෝ දික්කසාද වලට හේතුවී ඇත්තේ සැමියා බිරිඳ අතර විශ්වාසභංගත්වයයි.ආදරයට සුදු කළු භේදයක් නොමැතිබවත් තමන්ට දැනෙන ආකාරයට පෙම් කරන පෙම්වතියක් සිටීම පිරිමියෙකුට මහත් අස්වැසිල්ලක් බවත් මෙයින් ඉතා හොඳින් පැහැදිලි වෙයි.තම පෙම්වතිය ජුලියට්ට සමාන කිරීමෙන් ඔවුන් අතර පවතින දැඩි බැඳීම විදහා දක්වයි.

"කළු නෝටි කෙල්ල
ස්වීටි මැණික මාගේ
මන් ඔන්න අවා
උම්මා උම්මා ඔනේ" තම පෙම්වතියගේ වැරදි ඇති බව තරුණයා දන්නා බවක් පෙන්වීම සඳහා "කළු නෝටි කෙල්ල" නැමති පදයත් එමඟින් ඇගේ සිතට දුකක් දැනේයයි සිතා "ස්වීටි මැණික" යන පදය භාවිතාකර ඇයව සනසා ඇත."මන් ඔන්න අවා,,
උම්මා උම්මා ඔනේ"නැමැති පදයෙන් පැහැදිලි වන්නේ තම පෙම්වතිය බොහෝ කලක් තිස්සේ තමන් වෙත පැමිනෙන්න යැයි කරන ලද ආයාචනය මල්ඵල ගැනීමක් ලෙස පෙම්වතා පෙම්වතිය වෙත පැමිණ ඇති බවයි.

"අදුරු වලට ළඟම පාට කළු ලු
ඊට වඩා මගේ මැණික සුදු ලු
මටම කැපෙන හොට්ම පාට තලේළු
කියන්නේ මන් විරිදු......."පෙම්වතියගේ ඇති නරක පිළිගැනීමට ඔහු අකමැත්තක් දක්වයි.තමාගේත් සුළු වැරදි ඇති නිසා ඒය ගැටලුවක් නොමැති බව ඔහු සිතයි.
                                                                   සමස්තයක් ලෙස ගත් කල මෙය අප සැමට සිතන්නට යමක් ඉතිරිකරන අගනා නිර්මාණයකි.

තවත් විචාරයකින් නැවත හමුවෙමු.

-අර්ජුන ප්‍රේමචන්ද්‍ර-