Sunday, October 30, 2011

බිසාරේ ප්‍රතිකාර ක්‍රමය

උගුර ප්‍රදේශයේ ඇති තුවාල වලට සහ කැස්සට ප්‍රතිකාරයක් ලෙස ඉන්දියාවේ භාවිතා කරන බිසාරේ නැමති ප්‍රතිකාර ක්‍රමය මෙහි දැක්වේ.රෝගීවූ දරුවාගේ ශරීරය මත සිටගෙන සිටින්නේ වෛද්‍යයවරයාය.මෙම ප්‍රතිකාර ක්‍රමය මගින් මෙම කුඩා දරුවාගේ රෝගය සුවවේයැයි ඔබ සිතනවාද?මෙය සුවකිරීමේ ක්‍රමයද නැතිනම් මේ අසාර්ථක ප්‍රතිකාර මගින් කුඩා දරුවන් තවත් අපහසුතාවයට පත් කිරීමක්ද?


Saturday, October 22, 2011

ගායිකාව පවා නොදු‍ටු ඇගේ මියුසික් වීඩියෝව

 Mekala Gamage-මේඛලා ගමගේ

උපතින්ම තමන්ට අහිමිවුණ ඇස් දෙක අභියෝගයක් විදිහට භාර අරගෙන,ඇස් දෙකම පේන අපිටත් අලුත් පාඩමක් කියල දුන්න අපේ කාලේ වීරවරියක් තමයි මේඛලා ගමගේ කියන්නේ.ඇය ''අහන් ඉන්න...අහගෙන ඉන්න'' ගීතය ගායනා කරමින් සංගීත ලෝකය තුල ස්ථාවර චරිතයක් බවට පත්වුනා.මෙම ගීතය සඳහා නිර්මාණය කර ඇති මියුසික් වීඩියෝව සුවිශේෂිතම නිර්මාණයක්.ආබාධිත පුද්ගලයන් යැයි ඔවුන් හංවඩු නොගසා ඔවුන් සමාජයේ විවිධ හැකියාවන් ඇති පුද්ගලයන් බව හොදින් පෙන්වාදී තිබෙනවා.
                                   ගායිකාවට පවා මෙම වීඩියෝව දැකීමට වරම් නොලැබුණත් ඇය ඇගේ මනසින් අපිට වැඩිය ගැඹුරු ලෝකයක් දකින තැනැත්තියක්.ඇගේ ගීතය නරඹන අපි ''හනේ හපොයි" "පව්නේද එයා" කිය කියා අනුකම්පාවෙන් පමණක් එවන් පුද්ගලයන් දෙස නොබලා ඔවුන්ට ශක්තියක් විය යුතුයි.සැබෑ මිනිස්කම එයයි.
 

ගීතයේ වීඩියෝව මෙතනින් බලන්න.

ගීතයේ පද රචනාව මෙතනින් බලන්න.

මේඛලා ගමගේ නම් ගායිකාවගේ ජීවිත ගමන් මඟ පිළිබඳව සැකසුණු පුවත් පත් වාර්තාවක්




Sunday, October 2, 2011

ජීවිතයක් ‍රැක ගැනීමට දායක වෙමු

නො:351/6 ඇඹිල්මීගම,පිළිමතලාව ලිපිනයේ පදිංචි එස්.එන්.විජේරත්න නැමැති පුද්ගලයා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි.එබැවින් ඔහුට නව වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍යය බව මහනුවර මහ රෝහලේ වෛද්‍යවරු පවසා ඇත.
                    නමුත් ඒ සඳහා අවශ්‍යය රුපියල් ලක්ෂ 4.5ක මුදල උපයා ගැනීමට ඔහු අපොහොසත්ව ඇත.
                   එම නිසා පරිත්‍යාගශීලී ඔබගේ උපකාරය ඔහු බලා පොරොත්තුවෙන් සිටී.ඔහුගේ ජීවිතය වෙනුවෙන් ඔබට හැකි අයුරින් සහාය වන ලෙස ඉල්ලා සිටිමි.

ගිණුම් අංකය-8109010601
(කොමර්ෂල් බැංකුව-පිළිමතලාව)

ගිණුම් හිමියාගේ නම-සිරි නෝබට් විජේරත්න


විමසීම්-0719008040
ලිපිනය-නො:351/6 ඇඹිල්මීගම,පිළිමතලාව







Friday, July 29, 2011

අපේම සහෝදරයෙකුට පිහිටවෙමු.

කෑ/හෙට්ටිමුල්ල නව කනි‍ටු විදුහලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ කෑ/හෙට්ටිමුල්ල බණ්ඩාරනායක මහා විදුහලේ උසස් පෙළ අධ්‍යාපනය හදාරමින් සිටින එච්.ආර් ජානක චතුරංග බණ්ඩාර සහෝදරයා Thalamic tumour නැමති රෝගයෙන් පසුවෙයි.ඔහුට අවශ්‍යය සැත්කම නොමිලේ සිදුකිරීමට මහනුවර මහ රෝහල කටයුතු කරමින් සිටින අතර ඒ සඳහා අවශ්‍යය CT Scan පරීක්ෂණය සිදු කිරීමට රු 7500 මුදලක්  අවශ්‍යව ඇත.ඒ සඳහා උපකාර කිරීමට කැමති නම් කෑගල්ල මහජන බැංකු ප්‍රධාන ශාඛාවේ 027-20013-1447726 නැමැති ගිණුම් අංකයට ඔබට හැකි මුදලක් ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

බැංකු ගිණුමේ විස්තර

නම-HERATH BANDA HENAKA RALALAGE
ගිණුම් අංකය-027-2-001-3-1447726
බැංකු ශාඛාව-People's Bank Kegalle

විමසීම්

0775373335  රංජිත්
0774290762  ජානක





Monday, May 2, 2011

කෑගලු දිස්ත්‍රික්කයේ විශාලම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේට මුල්ගල් තැබීම.

කෑගලු දිස්ත්‍රික්කයේ විශාලම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේට මුල්ගල්        තැබීම.
        2600 වෙනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් 
කෑගල්ල කෙහෙල්වත්ත 
ශ්‍රී ජයවර්ධන පිරිවෙන් විහාරස්ථානයේ 
ඉදිකිරීමට යෝජිත සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන මහෝත්සවය

2011.05.17 වෙනි වෙසක් පුන් පොහෝ දින
   පෙ.ව.10.30 ට යෙදෙන සුභ මොහොතින් සිදුකෙරේ.
මෙම මහා පිංකමේ දායකත්වය දැරීමට ඔබත් කැමැත්තේ නම් එයටද
අවස්ථාව ඇත.

විමසීම්                      
0352278962
0756192815
0778471885

ශ්‍රී ජයවර්ධන පිරිවෙන                   
කෙහෙල්වත්ත
වතුර
කෑගල්ල.                                                                                           


ගිණුම් අංක 041020079611
හැටන් නැෂනල් බැංකුව
කෑගල්ල.

විහාරස්ථ දායක සභාව

Wednesday, February 9, 2011

ලේ දන්දීමේ මහා පිංකම


2600 සම්බුද්ධත්ව ජයන්ති අනුස්මරණ
ලේ දන්දීමේ මහා පිංකම
2011.02.17 වෙනි දින
පෙ. 8.00 සිට . 4.00 දක්වා
කෑගල්ල කෙහෙල්වත්ත ශ්‍රී ජයවර්ධන පිරිවෙනේ දී
ඔබගේ කාරුණික සහයෝගය ලබාදෙන්න
එදින සවස 2.00 කාව්යමය ධර්ම දේශනාව
දේශක:වැලිපොතේවෙල පඤ්ඤාසාර ස්වාමීන්වහන්සේ විසිනි.

සංවිධානය-වරාපිටියේ රතනසාර හිමි(කෙහෙල්වත්ත විහාරස්තානය)
දුරකතනය-0352278962
                  0778471885

              

Sunday, January 30, 2011

අපි හැම දෙනාම එක්වෙමු - ඉලන්දාරියාට උදව්වෙමු.


ඉලංදාරියා  බ්ලොග් එක කියවපු නැති කෙනෙක් නැති තරම්.පහළින් ලියලා තියෙන්නේ මගේ වචන නම් නෙවේයි.ඉලන්දාරියාම කියන දෙයක්.දයාව අනුකම්පාව ඇති උතුම් මිනිස්සුන්ට කරන්න පුලුවන් මහා පිනක්.




~~නිහඩ ලොව බිදින්න~~

මිනිස් ජිවිතය හරිම පුදුමාකාරය, විටක සතුට දොරේ ගලා යයි, විටක දුක් කරදර නිමක් නෑතිව පෑමිනෙයි.මගේ ජිවිතයෙත් මම සතුටින් කාලය ගතකල කාලයක් තිබුනා. හරිම සෑහෑල්ලුවෙන් මම ජීවිතය විදිමින් හිටියා. ඒත් කාලයා මගේ සතුට උදුරාගෙන එවෙනුවට කදුළුවල ඝනකම මට තිලිණ කලා. අද මම මේ ලියන හෑමදේම මට සටහන් කරන්නට තිබුනේ මීට හුග කලකට කලින්. මම මේ ගෑන සටහන තබන්නට සිතු සෑම මොහොතකම එය වෑලකී ගියා.

එත් අද මේ සියල්ල පවසා ඔබේන් උපකාරයක් බලාපොරොත්තු වන තරමටම කාලයේ අදෘශ්‍යමාන හස්තයට මම නතුවෙලා.

යමක් කමක් තේරෙන කාලයක ඉදලා මගේ තිබුන හිනය උනේ රුපවහිනි සංස්කාරක වරයෙක් වෙන්න. මම හෙමින් හෙමින් විවිද කඩයිම් පසුකරමින් ජිවිතේ ඉදිරියට ගෙවාදමමින් සිටියා.ඒ අතර තුරදී මට ලංකාවෙ ප්‍රසිද්ද රෑපවාහීනි වැඩසටහන් ආයතනයකින් මගේ සිහින රැකියාවට කැදවීමක් ලැබුණා...

මම ඉතාමත් ආශාවෙන් රෑකියවෙ නිරතවෙමින් තවදුරටත් රුපවාහිනී මාධ්‍ය පිලිබදව ඉගෙන ගත්තා. රුපවාහිනි අධ්‍යක්ෂනය, නිශ්පාදනය පිලිබදවත් මට ඉගෙන්ගන්න ලෑබුනා .. ඒ වගේම රූපවාහීණී වැඩසටහන් සහාය අධ්‍යක්ෂණයටත් අවස්ථාවන් ලැබුනා. නමුත් ඒ තනතුර හොබවන්නට මට අවස්ථාව ලැබුනේ එකම එක ඒකාන්ගික ටෙලි නාට්‍යයක පමණයි.. මේ කාලයෙදි තමයි මගේ ජිවිතේ සතුටින්ම ගතකරපු කාලය, ඒත් ඒ සතුට පෑවතුනේ ඉතාම කෙටි කාලයක් පමනයි ... මේ කාලය තමයි මගේ ජිවිතේටකනකොකා හඩන්න පටන් ගත්තේ.. මම දෑක්ක හෑම හීනයක්ම මගේ ඉදිරියේදීම බොදවෙලා සේදිලා ගියා.

හිටි හැටියෙම මගේ එක කනක ශ්‍රවනය දුර්වල උනා. ඒ එක්කම ටික දවසකින් එය සම්පුර්නයෙන්ම නෑසීගියා. එවගේම අනිත් කනෙත් ශ්‍රවනය දුර්වල වෙන්න පටන් ගත්තා. පළමු කනේ ශ්‍රවනය දුර්වල වෙන්න පටන් ගත් මොහොතේ සිටම අද දක්වාම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු උනා. නමුත් අවාසනාවට මගේ කන් දෙකේම ශ්‍රවණතත්වය පහල යාම නතරකරගන්නට බෑරි උනා. සියල්ල මෙසේ වෙද්දි මාස තුනක කාලයක් සදහා මට ශ්‍රවණාධාරකයක් බාවිතා කිරීමෙන් පිහිටක් ලබා ගත්තා. නමුත් තව තවත් මගේ කනට සම්බන්ධ ස්නයු දුර්වල වුනා. මගේ ඈසෙමින් තිබු එකම කනත් නෑසී ගියා(බිහිරිඋනා). මෙ සියල්ල සිදුවී දෑන් වසර එකහමාරක ටත් වඩා කාලයක් මම බිහිරි බව විදිමින් සිටිනවා. මේකාලය තුල මම ජිවිතේ දී වින්ද වේදනාව කියා නිම කරන්නට මට පුලුවන් කමක් නෑ.. . ගොඩක් වෙලාවට මගේ බ්ලොග් එකේ මම මගේ දුක කවි ලෙසින් පිට කලා.

මම කෙමෙන් කෙමෙන්න සමාජ ගතවිම අත්හරිනු ලෑබුවා. ගෙදර අය පවා යමක් මට පෑවසීමට ඈත්නම් කොලකෑලිවල ලියා දෙමින් අදටත් ..මා සමග සංනිවේදනය ගොඩනෑගිමට මහත්වු ප්‍රයත්නයක් දරමින් සිටිනවා.මම ගෙවාදෑමු මුසල කාලය පුරාවටම මම මගේ යහලුවන් ගෙදර අය සහ බොහෝ දෙනා සමග අදහස් හුවමරු කලේ කොල කෑලිවල ලියමින්. වෛද්‍ය වරුන්ගේ මතය වී ඈත්තේ තවත් අනපේක්ෂිත කාලයකින් මගේ කතා කිරිමත් නෑතිවනු ඈතිබවයි.

ජාතික රොහලේ උගුර කන නාසය පිලිබද ප්‍රධාන විශේෂඥ වෛද්‍ය ශාන්ත පෙරේරා යටතේ සෑත්කමක් කල අතර එයිනුත් කිසිම ප්‍රතිඵලයක් සිදුවුනේ නෑ ... නමුත් දෑන් මාහට ශ්‍රවනය නෑවත ලබා ගෑනීමටනම් කර්නශන්ඛ බද්යක් කලයුතු බව වෛද්‍ය නිගමනයයි. ඒසදහා අවශ්‍ය කරන උපකරනය ගෙන්වා ගෑනීම සදහා යන වියදම වු රුපියල් ලක්ශ 30(මිලියන 3) ක්වු විශාල වියදම මටවත් මගේ පවුලේ කිසිවෙකුටවත් දෑරිය නොහෑකි මුදලක්...

මගේ නෑදයනුත් මම මෙතෙක් කල් හම්බ කල මිතුරනුත් ඔවුනට හැකි ලෙසින් උදවු කිරීමට ඉදිරිපත් වෙමින් සිටිනවා. ජනාධිපති අරමුදලෙනුත් මුදලක් බලාපොරොත්තුවෙන් සිටින අතර මා සමග මගේ ‘ඉලන්දාරියා’බ්ලොග් අඩවිය සමගින් මා හා ඒකාත්මික වු වර්චවල් මිතුරන්ගෙනුත් හැකි උපකාරයක් බලාපොරොත්තුවෙන් මාගේ මේ සටහන තැබීමට සිතීමී.

මා මෙවැනි සටහනක් තැබීමට කිසි දිනකත් නොසිතුවෙමි නොපැතුවෙමි. නමුත් මිනිසුන් අසරන වන්නේ නොපැතූ නොසීතු අවස්ථාවන් වලදීය. මාගේ බ්ලොග් අඩවිය තුලින් මා ගොඩක් හිතෛහී මිතුරන් හදුනා ගත්තා. වර්චුවල් අවකාශයෙන් තොර අවංක බැදීම් ඇති කර ගත්තා. සමහරුන් මා රෝහල් ගත වී සිටි කාලයේ මාගේ සුවදුක් විමසීමට පැමිණියා. වචනවලින් උවත් බ්ලොග් මිතුරන් මාව සෑහෙන දිරිමත් කලා. ඔවුනට අනේක වාරයක් ස්තූති. ඒ වර්වුල් මිතුරු කමවත් මට නොපැවතුනානම් මගේ ජීවිතය කිසිදු ශබ්දයක් නොමැති කලු වර කාමරයක තනිවුනා හා සමානයි මට වරෙක සිතෙයි.

ඉතින් මිතුරනේ මා හා ලැබැදිව සිටි ඔබගෙන් මා මේ උපකාරයක් බලාපොරොත්තු වන වෙලාවයි. ඔබට හැකියාවක් ඇතිනම් මට මගේ ආබාධය සුව කර ගැනීමට අත් වැලක් වෙන්න ඔබට අනේක වාරයක් ස්තුතියි. මේ සමග මගේ රෝගය හා ඒ සම්බන්ධ ලිපිද ඉදිරිපත් කරමි.
ස්තුතියි!.
විමසිම්
0772332071
0718050116
facebook :

D.M.D.T.B. දිසානායක
බෑංකු ගිනුම් අංක 71408612
(ලංකා බෑංකුව මාතලේ )


Saturday, January 15, 2011

අවසාන මොහොත මාගේ..

බාචී සුසාන් විසින් ගායනා කරනු ලබන "අවසාන මොහොත"නැමැති ගීතය,මව් සෙනෙහස අහිමිවූ වීදි දරුවෙකු පිළිබදව සිද්දි දාමයක් ගෙනහැර දක්වයි.ඔහු දුරාචාරයට යොමුවී අවසානයේ දී පෝරකයට ගොදුරු වෙයි.අවසාන මොහොතේ දී ඔහුට තම මව සිහිවී ඇතිවන වේදනාව මෙම ගීතය තුලින් මනාව ඉස්මතුකර දැක්වේ..

අවසාන මොහොත මාගේ..
පෝරකය දෑස මානේ..
පෙනේවී රූපේ..ඔබගේ
මැවි මැවී මාගේ අම්මේ..
පෙනෙයි ඔබ සුවද අම්මේ..//

පොඩි කාලේ වීදි අතරේ
සෙව්වා කිරි සුවද අම්මේ..
ඒ සුවද දැනිලා පාරේ..
මඩ වතුර බිව්වා..
ගලන ලේ..කිරි වුනේ..නොමැතිදෝ ඔබේ ළයේ..
මා ඔබේ පුතු නොවේද අම්මේ..
ඔබේ පුතු නොවේද අම්මේ..

අවසාන මොහොත මාගේ..

මේ කෲර ලෝක තලයේ..
නොමිනිසුන් සමගින් ඇසුරේ..
ගෙවු නිසයි මාගේ ජීවේ..
මේ ලෙසින් අදුරේ..
මධුවිතින් මත්වෙලා..
කෙළෙසුවා..මිනි මරා..
ගැලවිලා එන්න බෑනේ අම්මේ..
අදුරුවීලා මගෙ ලෝකේ..

අවසාන මොහොත මාගේ......


Friday, January 14, 2011

ලෝකයේ කුඩාම ආවර්තිතා වගුව.

එක්සත් රාජදානියේ නොටින්හම් විශ්ව විද්‍යාලයේ මෙම වගුව නිර්මානය කර තිබේ.

Tuesday, January 11, 2011

සංවාද කුටි හෙවත් Chat Rooms




මේ දවස් වල facebook එකෙන් ගොඩක් අපරාධ වෙනවා කියලා ජනමාධ්‍ය වල නිතරම කියනවා ඇහෙන නිසා facebook ඇතුලු අනෙකුත් chat rooms වලින් සිද්දවෙන දේවල් ගැන පොඩ්ඩක් ලියන්න හිතුනා.
                                                  facebook  ගැන හැමෝම දන්න හින්දා,අනිත් chat rooms ගැන පොඩ්ඩක් හොයලා බැලුවා.chat rooms  අතර ගොඩක් කට්ටිය පාවිච්චි කරන  chat rooms  ජාතියක් තමයි ජංගම දුරකතන සමාගම් මගින් පවත්වාගෙන යන chat rooms.මේ chat rooms  වල කිසිම  Admin කෙනෙක් නෑ.මේ chat room ඇතුලේ මොනවා වෙනවද කියල,ජංගම දුරකතන සමාගම් හොයලා බලනවාද කියලා පොඩි පහේ සැකයක් තියෙනවා.උදාහරණයක් විදියට අපේ රටේ නිල් හා කොළ පාට දුරකතන සමාගමක් තියෙනවා.එම සමාගම මගින් පවත්වාගෙන යන chat room එකේ ඒක අතුලේ කොච්චර අපරාධ වෙනවද කියලා මේ ලිපිය කියවන සමහර උදවිය දන්නවත් ඇති.
                                                                                                       මේ chat room  එක ඇතුලේ විවිධ ආකාරයේ දේවල් වෙනවා,මෙය සමහර පුද්ගලයන්  විසින් ගනිකා නිවාස වෙතට පුද්ගලයන් ආකර්ෂණය කරගැනීමක්ද සිදු කරනවා.ඇතැම් පුද්ගලයන් මෙම  chat room තුල සිටින ගැහැණු ළමුන් සමග සමීප සම්බන්දකම් ඇති කරගන්නවා.ඔවුන් පෙම්වතුන් ලෙස පෙනී සිටිමින් සහ ධනවත් පුද්ගලයන් ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් විවිධ අකටයුතුකම් සිදු කරනු ලබනවා.එමගින් ඔවුන් තරුණියන්ගේ අතිශය පුද්ගලික ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගෙන එම දර්ශන ඔවුන්ගේ දෙමව්පියන්ට පෙන්වන බවට තර්ජනය කරමින්,ඔවුන්ව ගනිකා වෘත්තිය සදහා පොළඹවා ගනු ලබනවා.ඇතැම් ගනිකාවන් විසින් පුරුෂ පාර්ෂවයද මේ ආකාරයෙන්ම පොළඹවාගනු ලබනවා.


                                                                                        කෙසේ නමුත් chat room තහනම් කිරීම මේ සදහා විසදුම නොවේ.සමාජය පිළිබදව පුලුල් දනුමක් ලබා ගැනීමට මෙම chat room භවිතා කළ හැකියි.
ඔබත් ජංගම දුරකතන  chat room භවිතා කරන්නෙක් නම් ඔබගේ පුද්ගලිකත්වය ආරක්ෂාවන ලෙස කටයුතු කරන්න.

Monday, January 10, 2011

සිරුරේ බස..

මට මේ ළගදි දවසක හම්බවුනා මරු පොතක්.පොතක් කීවට පි‍ටු පෙරලන එකක් නෙවෙයි.E-බූක් එකක්.මේක අපි හැමෝටම වැදගත් වෙයි කියල හිතුන නිසා දාන්න හිතුනා.මේ පොතේ තනිකරම තියෙන්නේ සිරුරේ බස,සුද්දගේ භෂාවෙන් කියනවනම් body language.හැබැයි ඉතින් අපේ සමහර උදවිය ඔය ගැන මෙලෝ හසරක් දන්නේ නැති වුනාට,සමහරු කියනව ඇහිල තියෙනවාමචං එයාට තියෙන්නෙ කතා කරන ඇස් දෙකක්නෙකියලා.ඔය ගැන සිංදු එහෙමත් අනන්තවත් තියෙනවා.ඒව කියන්න ගියොත් කතාව වෙන පැත්තකට යන්නෙ.ඒක නිසා බොඩි ලැන්ග්වේජ් කියන්නෙ මොන හරුපයක්ද කියලා බලමු.
                                        බොඩි ලැන්ග්වේජ් කියන්නේ මොකක්ද කියල සමහරු දන්නේ නැතුව අති.සරලව කියනවනම් වාචික නොවන සන්නිවේදන මාධ්‍යයක්. ඒකෙන් කරන්නේ,අපි එදිනෙදා ජිවිතේ හැසිරෙන එක එක ඉරියව් වලින් අපේ චරිත ලක්ෂණ තිරනය කිරිමයිසිරුරේ ඉරියව්,හැසිරීම්,මුහුණේ ඉරියව් සහ ඇසේ චලනයන් මගින් තමයි අපේ අදහස් පිට වෙන්නේ.ඒවා නිරීක්ෂණය කරළා අවබෝධ කරගන්න තමයි බොඩි ලැන්ග්වේජ් පාවිච්චි කරන්නේ..body language කියන එක අපිට පාලනය කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.අපේ මනසට නැගෙන සිතුවිලි කාටවත් පේන්නේ නෑ කියල හිතාගෙන හිටියට,සිතුවිලිත් එක්කම අපේ බාහිර හැසිරීම් රටාව වෙනස් වෙනවා කියලා කාටවත් තේරෙන්නෙ නෑ.ඒ හැසිරීම්,අපි ආයාසයෙන් වෙනස් කරන්න හැදුවට වෙනස් කරන්නත් බෑ.මට හිතෙන හැටියට ඉංගිරිසිය විශ්ව භාෂාව කියලා කීවට,සිරුරේ භාෂාව තමයි විශ්ව භෂාව.පොර ටෝක් එකක් කියල හිතන්න එපා.නිකමට වගේ කීවෙ.
                                                     හරි හරි වැඩි කයි කතන්දර ඕනෙ නෑ.මෙන්න මේ E-බුක් එක අරගෙන බලන්නකෝ...

මගේ කැමරා කාචයෙන්..

Sunday, January 9, 2011

හුදෙකළාව

සොදුරු ‍රැය අදුරු කළ,
වළා සලු පන්තියක..
විහග හඞ නිහඞ වූ,
සොදුරු හුදෙකළාවක..
තනිවෙන්න ඉඩ නොදී,
ඔබ පැමිණි වෙලාවක..
නොයන්මා හැරදමා,
තනිව මං තලාවක..