Saturday, October 22, 2011

ගායිකාව පවා නොදු‍ටු ඇගේ මියුසික් වීඩියෝව

 Mekala Gamage-මේඛලා ගමගේ

උපතින්ම තමන්ට අහිමිවුණ ඇස් දෙක අභියෝගයක් විදිහට භාර අරගෙන,ඇස් දෙකම පේන අපිටත් අලුත් පාඩමක් කියල දුන්න අපේ කාලේ වීරවරියක් තමයි මේඛලා ගමගේ කියන්නේ.ඇය ''අහන් ඉන්න...අහගෙන ඉන්න'' ගීතය ගායනා කරමින් සංගීත ලෝකය තුල ස්ථාවර චරිතයක් බවට පත්වුනා.මෙම ගීතය සඳහා නිර්මාණය කර ඇති මියුසික් වීඩියෝව සුවිශේෂිතම නිර්මාණයක්.ආබාධිත පුද්ගලයන් යැයි ඔවුන් හංවඩු නොගසා ඔවුන් සමාජයේ විවිධ හැකියාවන් ඇති පුද්ගලයන් බව හොදින් පෙන්වාදී තිබෙනවා.
                                   ගායිකාවට පවා මෙම වීඩියෝව දැකීමට වරම් නොලැබුණත් ඇය ඇගේ මනසින් අපිට වැඩිය ගැඹුරු ලෝකයක් දකින තැනැත්තියක්.ඇගේ ගීතය නරඹන අපි ''හනේ හපොයි" "පව්නේද එයා" කිය කියා අනුකම්පාවෙන් පමණක් එවන් පුද්ගලයන් දෙස නොබලා ඔවුන්ට ශක්තියක් විය යුතුයි.සැබෑ මිනිස්කම එයයි.
 

ගීතයේ වීඩියෝව මෙතනින් බලන්න.

ගීතයේ පද රචනාව මෙතනින් බලන්න.

මේඛලා ගමගේ නම් ගායිකාවගේ ජීවිත ගමන් මඟ පිළිබඳව සැකසුණු පුවත් පත් වාර්තාවක්




5 comments:

  1. mama ee sinduwa ahuwa! indrachapa ayyage song eka ahala thibba mata ee mekala akkage sinduwa genawe maara sanasum sahagatha sithuwillak! eeth ada thamai man danne mehema withthiyak! mmm! ee akki dakshai! digatama mee wage lassana nirmaana karanna labenna kiyala prarthana karanawa! mm! hadawathatama sameepa weccha hodama sinduwak thamai mee sinduwa! :)

    ReplyDelete
  2. කීපවතාවක් අහලා තිබුනත් මේ වීඩියෝඑක දැක්කෙ එකපාරයි. ඒ හිරුවියනෙන්. හෙව්වත් මේ විඩියෝඑක ලැබුනෙ නෑ මට. ස්තුතියි හොයා දුන්නට..

    ReplyDelete
  3. අනේ ඉතින් මොනා කියන්නද ...මට නම් හිතට මොනා හරි දුකක් ආවාම අහන්නෙ මේ සිංදුව තමා .ඒත් ඉන්ද්‍රචාප මේක කෑවා අපරාදෙ....මාර ලස්සන සිංදුව :(

    ReplyDelete
  4. මාධව /RoshanHerath/Sapumal-බොහෝම ස්තූතියි මේ පැත්තෙ ඇවිත් යන්න ආවට..

    බැට් මෑන්-මචෝ මේ සිංදුවේ මුල්ම ගායකයා මට මතක විදියට ඉන්ද්‍රචාපා

    ReplyDelete

ඔබගේ අදහස්,යෝජනා,චෝදනා මෙතන ලියන්න.