Friday, March 8, 2013

ලසිත් මාලිංගා සහ නිරුවත් ජනමාධ්‍යය


න මාධ්‍යට මේ දවස් වල ලොකුම ප්‍රශ්නය වී ඇත්තේ ලසිත් මාලිංග කියපු කතාවයි.අප මාධ්‍ය නිදහසට ගරුකල යුතුවන්නේ එය අපගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය සුරකින නිසාවෙනි.නමුත් මාධ්‍ය නිදහස වල් බූරු නිදහසක් නොවිය යුතුය.අද ලංකාවේ තිබෙන ලොකුම අවුල"ඇයි මීට කලින් මාව දැකලා නැද්ද? නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න" කියන වචන ටික නොවේ.නොකල දෙයක් වෙනුවෙන් කළ දාහක් දේ අමතක කිරීම අපගේ නොදියුනු ගතියකි.එදා සිංහයෙකු ලෙස අගය කළ ලසිත් මාලිංගව අද බල්ලේකු ලෙස හංවඩු ගසන්නේ ඒ නිසාවෙනි.සරත් ෆොන්සේකා යන විශය සම්බන්ධවද මාධ්‍යයේ ක්‍රියාකාරිත්වය අපි දුටුවෙමු.ශිරානි බණ්ඩාරනායක මහත්මියට වඩා නූගත් විමල් වීරවංශ ඔසවා තැබූ ඇතැම් මාධ්‍යය ද අපි දුටුවෙමු.රටේ මෙතරම් දැවෙන ප්‍රශ්න තිබියදීත් මහජනතාවගේ මනසට මෝඩ චූන් ලබා දීම ජනමාධ්‍යයේ නිසි භාවිතයක් නොවේ.මාධ්‍යට නිදහසක් අවශ්‍ය වනවාසේම මිනිසුන්ටද අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසක් තිබිය යුතුය.ලසිත් මාලිංග ගමේ පිට්ටනියේ ඉඳන් ජාත්‍යන්තර ක්‍රීඩාංගන වෙත ගමන් කළේ ඔහුගේ උත්සාහය හා කැපවීම නිසාය.එදා මාලිංගගේ දස්කම් විකුනාගෙන දියුණුවුනේත් මොවුන්මය. ජන මධ්‍යට කළ නොහැක්කක් නොමැත.පිරිමියෙක් පවා ගැගණියක් කිරීමේ හැකියාවක් ඔවුන්ට ඇත.නමුත් එය චරිත ඝාතනය කිරීමට යොදා ගත යුතු නැත.මහජනතාව මත ඇති පීඩනය වෙනතකට යොමු කිරීමට උත්සාහ නොකර ඔවුන්ගේ සැබෑ ප්‍රශ්න වලට උත්තර සොයා දිය හැකිනම් එහි වටිනාකමක් ඇත.දුර්වල රාජ්‍ය පාලනය හමුවේ ලිංගයක් නොමැත්තවුන් ලෙස හැසිරෙන මාධ්‍යය අනවශ්‍යය ප්‍රශ්න හුවා දැක්වා වීරයන් වීමට තැත්කිරීම නපුංසක ක්‍රියාවකි.කෙසේ වුවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය.ඇතම් රටවල් ශ්‍රී ලංකාව කියා රටක් ඇති බව දන්නේ ක්‍රිකට් නිසාවෙන්ය.එසේ තිබියදීත් ක්‍රිකට් ක්‍රීඩාවේ දැවන්ත චරිත විනාශ කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක.ඔවුන් හරවා ක්‍රීඩාගාරයෙන් ඉවතට යවනවා වෙනුවට ක්‍රීඩාංගනය දෙසට යොමු කිරීමට ඔල්වරසන් දීම ශ්‍රී ලාංකික අපගේ යුතුකමක් විය යුතුය
කාට කෙසේ වුවත් මාහට ලසිත් මාලිංග සැබෑ වීරයෙකි.

-අර්ජුන ප්‍රේමචන්ද්‍ර-