Saturday, February 25, 2012

සුනාමියේ අතුරු කතා

2004-12-26 දින මුළුමහත් ලෝකයම කම්පා කරමින් සිදුවූ සුනාමි තත්වය නිසා විශාල මිනිසුන් ප්‍රමාණයකට තම ආදරණීයයන් අහිමි වුනා.ඇතැමුන් සදහටම ජීවිතයෙන් සමුගත් අතර බොහෝ ප්‍රමාණයක් අතුරුදහන් වුනා.පසුගිය දිනක තෙල්වත්ත ප්‍රදේශයේ ගමන් කරමින් සිටින අතර තුරදී හදිසියෙන් තෙල්වත්ත සුනාමි ස්මාර්කය ඉදිරිපිට එක්තරා දැන්වීමක් දැකගන්න ලැබුනා.
එහි සඳහන්ව තිබූ සටහන ඒ අයුරින්ම පහතින් දැක්වෙනවා.

"2004-12-26 දින දුම්රියෙන් ගමන් කිරීමේදී මුහුද ගොඩ ගැලීමෙන් දුම්රිය අනතුරට පත් වීමෙන මව සුනීතා වනසිංහ සහ පොඩි අයියා මුදිත නිරෝෂන් වනසිංහ මෘත ශරීර දෙක සොයා ගත්තා.දෝනී...ඔයා එම අවස්තාවේදී පොල් ගසක් මුදුනේ ‍රැදී සිටියදී බො‍රැල්ල ප්‍රදේශයේ මහතෙක් ඔබ බේරා ගත් බවත්(ගමේ අයගේ උදව්වෙන්)පසුව ළඟම ඇති පන්සලට ‍රැගෙන ගිය බවත්, එතනදී ඔයා හා අනෙක් අය වෙනත් ස්ථාන වලට ගෙනගිය බවට පසුව ඩහෙනගන්න ලැබුනා.දෝණි ඔයා හෝ යම් පිංවත් අයෙක් දුව ගැන තොරතුරක් දන්නේ නම් අපට දන්වන්න.
ඔබ සැමට පිං.. "

0777518934
0718145950
0714620749
මහින්දපාල වනසිංහ
ලංකා ඛනිජ තෙල් සංස්ථාව
කොටගල



No comments:

Post a Comment

ඔබගේ අදහස්,යෝජනා,චෝදනා මෙතන ලියන්න.