Friday, January 9, 2015

ජාතිවාදය වපුරන්නන් වෙත ආදරයෙන් ලියමි

මහින්ද රාජපක්ෂවාදීන් මේ වන විට ජාතිවාදය වපුරමින් සිටියි.ඒ සඳහා ඔවුන් ල්ට්ටෙ ඊළාම් සිතියම හා මෙවර ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජය ලබාගත් ඡන්ද සිතියම සංසන්දනය කරමින් සිටිති.මෙහිදී මා පහත කරුණු මතුකර දැක්වීමට කැමැත්තෙමි.

1.2010 වර්ශයේ දී මහින්ද රාජපක්ෂ ජයග්‍රහනය කිරීමෙන් අනතුරුව කිසිවෙකු මේ ආකාරයෙන් සංසන්දනයන් ඉදිරිපත් කළේ නැත.එනම් ඔවුන් සිතා සිටින්නේ දෙමළ සහ මුස්ලිම් ඡන්ද කැප වන්නේ මහින්ද රාජපක්ෂට පමණක් බවයි.

2.30 වසරක කුරිරු යුද්දයෙන් අනතුරුව අප රට තුල සිංහල දෙමළ මුස්ලිම් සහෝදරත්වය වර්ධනය වී ඇති බවට අපි උදම් අනන්නෙමු.එසේ නම් ශ්‍රී ලංකාව තුල ජනාධිපති වරයෙකු පත්කරගන්නා ප්‍රජාතන්ත්‍රවාදී පිලිවෙතේ දී ඔවුන්ගේ ඡන්දය භාවිතය පිළිබඳව ජාතිවාදීන් මෙතරම් කෝප ගැන්වී සිටීමේ අරමුණ කුමක්ද?

3. ආගම,ජාතිය,භාෂාව නිසා ජන කොට්ඨාශයක් පෙළීම නැමැති ගෝත්‍රික සිතිවිලි ඔබේ මනසින් ඉවත් කර ගැනීමට නොහැකිව සෑම විටම අන්තවාදී ලෙස කටයුතු කර ඔබ බලාපොරොත්තුවන්නේ කුමක්ද?

4.අපි සැවොම ශ්‍රීලාංකිකයෝ වෙමු.කිසියම් පුද්ගලයෙක් ජාතිවාදීව කටයුතු කරන්නේ නම් එයට විරුද්ධව ජාති ආගම් බේදයකින් තොරව කටයුත් කිරීමට සැවොම පෙළ ගැසෙමු.






-අර්ජුන ප්‍රේමචන්ද්‍ර-

1 comment:

ඔබගේ අදහස්,යෝජනා,චෝදනා මෙතන ලියන්න.