Saturday, January 15, 2011

අවසාන මොහොත මාගේ..

බාචී සුසාන් විසින් ගායනා කරනු ලබන "අවසාන මොහොත"නැමැති ගීතය,මව් සෙනෙහස අහිමිවූ වීදි දරුවෙකු පිළිබදව සිද්දි දාමයක් ගෙනහැර දක්වයි.ඔහු දුරාචාරයට යොමුවී අවසානයේ දී පෝරකයට ගොදුරු වෙයි.අවසාන මොහොතේ දී ඔහුට තම මව සිහිවී ඇතිවන වේදනාව මෙම ගීතය තුලින් මනාව ඉස්මතුකර දැක්වේ..

අවසාන මොහොත මාගේ..
පෝරකය දෑස මානේ..
පෙනේවී රූපේ..ඔබගේ
මැවි මැවී මාගේ අම්මේ..
පෙනෙයි ඔබ සුවද අම්මේ..//

පොඩි කාලේ වීදි අතරේ
සෙව්වා කිරි සුවද අම්මේ..
ඒ සුවද දැනිලා පාරේ..
මඩ වතුර බිව්වා..
ගලන ලේ..කිරි වුනේ..නොමැතිදෝ ඔබේ ළයේ..
මා ඔබේ පුතු නොවේද අම්මේ..
ඔබේ පුතු නොවේද අම්මේ..

අවසාන මොහොත මාගේ..

මේ කෲර ලෝක තලයේ..
නොමිනිසුන් සමගින් ඇසුරේ..
ගෙවු නිසයි මාගේ ජීවේ..
මේ ලෙසින් අදුරේ..
මධුවිතින් මත්වෙලා..
කෙළෙසුවා..මිනි මරා..
ගැලවිලා එන්න බෑනේ අම්මේ..
අදුරුවීලා මගෙ ලෝකේ..

අවසාන මොහොත මාගේ......


3 comments:

  1. හරි ලස්සන සින්දුවක්...ගැන්මක් තියෙනව...

    ReplyDelete
  2. ඔව්,අලුත් ගායකයෙක් වුනත් සින්දුවේ හරයක් තියෙනවා.

    ReplyDelete
  3. ඇත්තටම නියම සිංදුවක්

    ReplyDelete

ඔබගේ අදහස්,යෝජනා,චෝදනා මෙතන ලියන්න.