ඉහ නිකට පැහුනමුත්
හිතේ ඇත වෙර විරිය
ඉ රුණු හිල් කමිසයට
හැඩයි ඉරි ඇති සරම
දෙපා වාරුත් නොමැත
නමුත් මට කාරි නැත
වාරු කර මගේ දෑත
කරත්තේ ලී බඳට
හවස් වෙනතුරුම මම
ඇවිද යමි මඟ දිගට
ගිණි ගන්න මහ පොළොව
හුරුය මට හැමදාම
හිල් වැටුනු මිරි වැඩිය
දවයි මගේ පා යුගල
ටිං කබල් මඟ දෙපස
තමයි මගේ බත් වේල
යා යුතුය තවත් දුර
පණ කෙන්ද ඇත සවිය
-අර්ජුන ප්‍රේමචන්ද්‍ර-
No comments:
Post a Comment
ඔබගේ අදහස්,යෝජනා,චෝදනා මෙතන ලියන්න.